May 20, 2024

වාර්තා පොත් අලුත් කරමින් සංගා 'ලීඩ්ස්හි' මනරම් පිතිහරඹයක

‘ස්පේස්සේවර්’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ යෝක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන සිවුදින තරගයේ නොදැවී ලකුණු 180 ක් රැස්කිරීමට සරේ ප්‍රාන්ත කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර සමත් විය.

ලීඞ්ස්හි හෙඩිංන්ලි ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයන් ලෙස පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සරේ ප්‍රාන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 07ක ට ලකුණු 516ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා .

පැය 4 කට ආසන්න වේලාවක් කඩුල්ලේ රැදී සිටි සංගක්කාර හයේ පහර 4කින් සහ හතරේ පහර 21 කින් සිය ඉනිම අලංකාර කළේය.මෙම ශතකය සමඟ මෙම ප්‍රාන්ත තරඟ වාරයේ ලකුණු 1000 සම්පුර්ණ කල පළමු ක්‍රීඩකයා බවට පත්වීමටද සංගක්කාර සමත් විය.

සංගා මෙවර තරඟාවලියේ ඉනිම 11 තුල ලකුණු 1086 රැස් කරගෙන තිබෙන්නේ ශතක 6ක් අර්ධ ශතක දෙකක් ද සමඟය.ඔහුගේ සාමාන්‍යය දැක්වෙන්නේ ලකුණු 108.6 ලෙසිනි.

සංගක්කාර සිය ශතකය වාර්තා කිරීම සදහා පන්දු 136ක් වැය කළ අතර ශතකය ලබාගැනීමෙන් පසු ලකණු 100 සිට 180 දක්වා වැය කලේ පන්දු 47ක් පමණි

ජේසන් රෝයි (87) සමඟ එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සංගක්කාර, බෙන් ෆෝක්ස් (23) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන්ද ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් විය.

Rate this item
(0 votes)