May 20, 2024

ලසිත් මාලිංගට ක‍්‍රිකට් ආයතනයෙන් සහනයක්

විනය කඩ කිරීමේ චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන ලසිත් මාලිගට  වසරක තරග තහනමක් පනවා  එය මාස 6 කට අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

මාලිංග විසින් ඔහුගේ කොන්ත්‍රාත්තුවේ අඩංගු වගන්ති කඩ කලේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාලිංගට එරෙහිව පැවැත්වූ  විනය පරීක්ෂණයේදි මෙම පියවර ගෙන ඇත.

මීට අමතරව එළඹෙන සිම්බාබ්වේ සංචාරයේ පළමු තරගයේ තරග ගාස්තුවෙන් 50% ක ගාස්තුවක් දඩ වශයෙන් ඔහුට පැනවීමට ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.

මාලිංග සිම්බාබ්වේ සමගින් පැවැත්වෙන පළමු එක්දින තරග ද්විත්වයට ඇතුලත් කොට ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 June 2017 00:26