May 20, 2024

දකුණු අප‍්‍රිකාණු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ඩීන් එල්ගාර්ට

දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වන විට එංගලන්ත සංචාරයේ පැවති එක්දින තරඟමාලාව සහ T20 තරඟාවලිය පරාජයට පත්වී සිටින අතර ඔවුනට තම ගෞරවය ආරක්ෂා කර ගැනීමට නම් ටෙස්ට් තරඟාවලියේ හොඳින් දක්ෂතා දැක්විය යුතුමය.

කෙසේ වෙතත් ටෙස්ට් තරඟාවලියට AB ඩිවිලියස් සහභාගී නොවන අතර දකුණු අප්‍රිකා ටෙස්ට් නායක ෆැට් ඩුප්ලේසිටද එම ටෙස්ට් තරඟාවලියේ පළමු තරඟය අහිමි වන බවට ආරංචි පළවේ.

ඩුප්ලේසි මෙලෙස ක්‍රිකට් ක්‍රීඩාවෙන් මදක් ඉවත්ව සිටීමට හේතුවී තිබෙන්නේ තම බිරිඳගේ කුළුදුල් දරු උපත වෙනුවෙන් ඇය වෙනුවෙන් තම කාලය වෙන් කිරීම නිසාය.

ඩුප්ලේසිගෙන් හිස්වන නායකත්වය ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර්ට හිමිවන බව වාර්තා වන අතර තරඟාවලියේ පළමු තරඟයෙන් පසුව තරඟාවලියේ ඉතිරි තරඟ සඳහා ඩුප්ලේසි ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් සිටින බවද වාර්තා වේ.

Rate this item
(0 votes)