April 26, 2024

දග පන්දුයවන්නන් විස්සයි විස්ස ආක‍්‍රමණය කරයි

විස්සයි විස්ස ක්‍රිකට් නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට පාකිස්තානයේ ඉමාඩ් වසීම් සමත්ව තිබේ.

ඉමාඩ් වසීම් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 780කි.

මෙතෙක් පළමු ස්ථානයේ රැදී සිටි දකුණු අප්‍රිකාවේ ඉම්රාන් තාහීර් ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය දක්වා පසුබැස ඇත.

ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය හිමිව තිබෙන්නේ ඉන්දියාවේ ජස්ප්‍රිට් මුම්රා හටය.

පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු දසදෙනා අතරට අතර දග පන්දුයවන්නන් හත් දෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක් වන අතර එම දස දෙනා අතරට  කිසිදු ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ඇතුලත්ව නොමැත.

Rate this item
(0 votes)