April 27, 2024

සනත් ජයසූරියගේ සේවය යළි ශ‍්‍රී ලංකා කණ්ඩායමට

සනත් ජයසූරියගේ සභාපතීත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ කාර්යභාරය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇතැයි   වාර්තා වේ.

මෙම මස 30 වැනිදායින් තේරීන් කමිටුවේ නිල කාලය අවසන් වීමට නියමිතව තිබූ අතර, වත්මන් ක්‍රිකට් පාලනාධිකාරිය තීරණය කර ඇත්තේ ඔවුන්ට තවත් වසරක කාලයක් ලබාදී ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට යම් සේවයක් ලබාගැනීමටය.

ක්‍රිකට් තේරීම් කමිටුවේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු පවසා සිටියේ මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් යම් පසුබෑමක සිටින බවත්, ක්‍රිකට් අනාගතයට ක්‍රීඩකයක් සොයාගැනීමේ සනත් ජයසූරිය ඇතුළු තේරීම් කමිටුව ගෙනගිය වැඩපිළිවෙළ ඉදිරියටත් රැගෙන යෑමේ අරමුණෙන් ඔවුන්ගේ කාලය දීර්ඝ කළ බවත්ය.

සනත් ජයසූරියට අමතරව අසංක ගුරුසිංහ, රොමේෂ් කළුවිතාරණ, එරික් උපශාන්ත හා රංජිත් මදුරුසිංහ යන ක්‍රිකට් තේරීම් කමිටුවේ අනෙකුත් සාමාජිකයන්ගේ කාලයද තවත් වසරකින් දීර්ඝ කර ඇතැයි වාර්තා වේ

Rate this item
(0 votes)