May 21, 2024

සියල්ල විමතියට පත් කරමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් නව පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ග්‍රැහැම් ෆෝර්ඩ් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම ස්ථිර නැති වීම නිසා සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන නික් පොතා පත් කිරීමට නියමිතය.

ආරංචි වන අන්දමට පිතිකරණ පුහුණුව සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුනවර්දන සහ වේගපන්දු පුහුණුකරු ලෙස චම්පක රාමනායක පත්කිරීමටද සුදානමක් ඇත.

ශ්‍රී ලංකා පන්දු රැකීමේ දුර්වලතාවයන්ට පසුගිය දිනවල දැඩි දෝෂදර්ශනයට ලක්වූ පන්දු රැකීමේ පුහුණුකරුවා ඒ තනතුරෙන් උසස් කර ප්‍රදාන පුහුණු කරු තනතුරට පත් කිරීම විමතියට කරුණකි.

Rate this item
(2 votes)