May 21, 2024

සංගා එංගලන්ත තේරීම් කමිටුවට ?

සුපිරි පිතිකරු කුමාර සංගක්කාර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට නොව ලෝක ක්‍රිකට් ක්‍රීඩාවටම බලපෑමක් කල හැකි චරිතයක් වීමත් සමඟ ඔහු දක්වන අදහස් ලෝකය පුරා මාධ්‍යන්ගේ දැඩි අවදානයට ලක්වන ආකාරයක් දැකිය හැකි අතර,සංගා පසුගිය දිනක එංගලන්ත තරුණ දක්ෂයකු පිළිබඳව විශේෂයෙන් කථා කර ඇත.

එම ක්‍රීඩකයා ජේසන් රෝයි ය.ඔහු පසුගිය කාලය තුල ජාත්‍යන්තර පිටියේ තරමක අසාර්ථකත්වයක් පෙන්වූ අතර ඒ නිසා චැම්පියන්ස් කුසලානයේ එංගලන්තය පකිස්ථානය සමඟ ක්‍රීඩා කල අවසන් තරඟයේ රෝයිගේ තැනද ඔහුට අහිමි විය.

නමුත් සංගක්කාර නම් පවසන්නේ ජේසන් කණ්ඩායමේ සිටිය යුතුම ක්‍රීඩකයකු බවයි.

“මම නම් හිතන්නේ නෑ,ජේසන් කණ්ඩායමේ අසාර්ථක වුන කාලයක් තිබුන කියල,මට පුදුමයි පකිස්ථානය එක්ක තරඟයට එයා හිටියේ නැත්තේ අයි කියල.ඔහුට පුළුවන් එක ඉනිමකින් තරඟයක් වෙනස් කරන්න,මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියේ ජේසන් පකිස්ථානය එක්ක තරඟය ජේසන් තරඟය වෙනස් කරන ඉනිම ක්‍රීඩා කරයි කියල.”

“ජේසන් වගේ ක්‍රීඩකයෙක් ඉන්නව කියන්නේ කණ්ඩායමකට ලොකු හයියක්.එයාගේ පන්දු රැකීමත් සුපිරියි.මම හිතන්නේ ඕනෑම ක්‍රීඩකයෙක්ට නරක කාලයක් තියනවා,ජේසන් වගේ ක්‍රීඩකයෙක් අතාරින්නෙ නැතුව වැරදි තියන තැන් හදාගන්න එක තමයි හොඳම දේ.”

කුමාර සංගක්කාර එංගලන්ත ප්‍රාන්ත තරඟාවලියේ තම කණ්ඩායමේ සඟයා එංගලන්තය වෙනුවෙන් සිටිය යුතුම ක්‍රීඩකයෙකු බව සංගා පැවසු කථාවට ප්‍රතිචාර දැක්වීමක් ලෙස නැවතත්  එංගලන්ත කණ්ඩායමේ  රෝයිගේ තැන ස්ථාවර වී තිබේ.

Rate this item
(1 Vote)