May 21, 2024

මහේල තීරණය වෙනස් කරයි

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන එළඹෙන නැට්වෙස්ට් T20 බ්ලාස්ට් තරඟාවලිය සඳහා ලන්කර්ශය ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීමට ගෙන තිබු තීරණය වෙනස් කරමින් තරඟාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

මහේලගේ මෙම තීරණය පුද්ගලික කරුණක් නිසා ගත් තීරණයක් බවත් වාර්තා වේ.මහේල ලබන මස මුලදී ලන්කර්ශයර් කණ්ඩායම සමඟ එකතු වීමට සැලසුම් සකස් කර තිබිණි.

මෙම තීරණය සම්බන්දයෙන් ලන්කර්ශයර් පුහුණුකරු ග්ලෙන් චැපල් තම කණගාටුව ප්‍රකාශ කර ඇත.

“ඇත්තටම මම ගොඩක් කනගාටු වෙනවා මහේලගේ මේ තීරණය ගැන,අපි මේ වෙලාවේ කණ්ඩායමක් විදියට සැලසුම් සකස් කරමින් ඉන්න වෙලාව.”

තමන්ගේ තීරණය පිළිබඳව මහේල ද අදහස් දක්වා ඇත,

“ඇත්තටම මම ගොඩක් කනගාටු වෙනවා සැලසුම් කල විදියට ලන්ක්ෂයර් කණ්ඩායම එක්ක එකතු වෙන්න බැරි වුන එක ගැන,මම සුබපතනවා මේ අව්රුද්දෙ ලන්කර්ශයර් කණ්ඩායමට ලොකු දෙයක් කරන්න පුළුවන් වෙන්න කියල.”

Rate this item
(0 votes)