May 12, 2024

“තරඟාවලිය පුරාම අපි හොඳටම කලා.අපි පැරදුනේ ලංකාවට විතරයි"..ඉන්දීය පරාජයට වගකිවයුත්තන් ගැන හර්බජන් සිං හෙළි කරයි..

චැම්පියන්ස් කුසලානයට යන සංචිතය නම් කිරීමට පෙර ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං මාද්‍ය වෙත පවසා තිබුනේ චැම්පියන්ස් කුසලානයට ක්‍රීඩා කිරීමේ අවසථාවක් ලැබෙන තුරු තමා බලාසිටින බවයි.නමුත් චැම්පියන්ස් කුසලානයට සහභාගී වීමට හර්බජන්ට අවස්ථාවක් ලැබුනේ නැත.

දැන් චැම්පියන්ස් කුසලානය පරාජයට පත්වී සිටින අවස්ථාවේ හර්බජන් නැවතත් මාද්‍ය වෙත වාර්ථාවක් ඉදිරිපත් කර ඇත.එහිදී ඔහු පරාජයේ වගකීම ඉන්දීය පන්දු යවන්නන් වෙත බාර කර ඇත.

“තරඟාවලිය පුරාම අපි හොඳටම කලා.අපි පැරදුනේ ලංකාවට විතරයි.අපේ කණ්ඩායම පරාජය කරන්න ලේසි නෑ.විශේෂයෙන්ම අපේ පිතිකරණය තරඟවලියේ හොඳටම තිබුනා.”

“කවුරුත් හිතුවේ නෑ,බංගලාදේශය අර්ධ අවසන් පුර්ව තරඟ වෙනකන් එයි කියල,අපි ලේසියෙන්ම එයාල පරාජය කරලා අන්තිම තරඟයට ආව හැබැයි අවාසනාවන්ත විදියට අන්තිම තරඟය පරදින්න වුනා.’

“අපි අන්තිම තරඟය පරදිද්දී ආරම්භක පන්දු යවන්නන් ගෙන් අපිට ඕන දේ වුනෙත් නෑ.අනික මැද පන්දුවාර වල අපි දීපු ලකුණු ගොඩක්ම වැඩියි,ඒ පන්දුවාර යවපු අය හොඳට කලේම නෑ.ලකුණු 339 ක් ලබාදුන්නම අන්තිම තරඟයක තියන පීඩනය එක්ක තරඟයක් දිනන්න පිතිකරුවන්ට ලේසි වෙන්නේ නෑ.”

Rate this item
(1 Vote)