May 11, 2024

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් දැඩි තීරණයක්?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගව විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඊයේ (22දා) ක්‍රිකට් ආයතනයට කැඳවා තිබු බව වාර්තා වුණා.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාව විවේචනය කරමින් මාධ්‍ය ඉදිරියේ අදහස් දැක්වීම පිළිබඳව කරුණු විමසීමට මෙලෙස ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට්හි කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයෙක් නොවන හෙයින් ඔහුට අවවාද කර මෙම ගැටුම සමථයකට පත්කිරීමට ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

Rate this item
(1 Vote)