April 27, 2024

කුම්බ්ලේ - කෝලි ගැටුමෙන් කෝලි ජයගනී

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමට ඉන්දීය හිටපු දග පන්දු ක්‍රීඩක අනිල් කුම්බ්ලේ තීරණය කොට තිබෙනවා.මෙයට හේතුව වී ඇත්තේ ඔහු විසින් පනවන නීති වලට ඉන්දීය නායක විරාත් කෝලි දැඩි ලෙස විරුද්ධ වීමත් සමගය.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තම චැම්පියන්ස් කුසලාන ගමන ආරම්භ කලේ අර්බුද ගණනාවක් මැද අවසන් මොහොතේ තම කණ්ඩායමට ICC යේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුවයි.

කෙසේ නමුත් චැම්පියන්ස් කුසලානය ආරම්භ වන මොහොත වන විටත් ඉන්දීය කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුම් උපරිමයට පත්ව තිබුණි.

මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඉන්දීය ප්‍රධාන පුහුණු කරු අනිල් කුම්බ්ලේගේ ක්‍රියා කලාපය බවයි වාර්තා වුයේ.

අනිල් කුම්බ්ලේ පනවන දැඩි නීති නිසා නායක කෝලි ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අසතුටෙන් සිටින බවට වාර්තා පලවුනු අතර කෝලි ,දෝනි වැනි ඉහල ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන ඇති ක්‍රීඩකයන් සහිත කණ්ඩායමක් පාසලක විදුහල්පති වරයෙකු සිසූන් පාලනය කරන ලෙසින් කුම්බ්ලේ පාලනය කිරීමට යාම නිසා මේ අර්බුදය ඇතිවී තිබුනා.

කෙසේ වෙතත් කුම්බ්ලේ පුහුණුකරු ලෙස පත්වූ දා සිට ඉන්දියාව ඉතා සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් නායක කෝලි පවසන්නේ ඉන්දීය කණ්ඩායමේ සාර්ථකත්වයේ හේතුව එක පුද්ගලයකු නිසා සිදු නොවන බවත් එය සමස්ත කණ්ඩායමේම කැපවීම නිසා ලබාගත් දෙයක් බවත්ය.

මේ අතර ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූ තනතුර සඳහා හිටපු ටෙස්ට් ක්‍රීඩක විරේන්ද්‍ර ෂෙවාග් අයඳුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව නව පුහුණුකාරධුරය ටොම් මූඩි, රිචඩ් පේබස්, ඩොඩා ගනේෂ්, ලාල්චන්ද් රාජ්පුත් යන අයද නාමයෝජනා ලබාදි ඇති බව වාර්තා වනවා.

සචින් ටෙන්ඩුල්කාර්, සව්රොව් ගංගුලි සහ වීවී එස් ලක්ෂ්මන්ගෙන් සමන්විත උපදේශක කමිටුවක් මඟින් නව පුහුණුකරු කවුරුන්ද යන්න තීරණය කිරිමට නියමිතයි.

Rate this item
(0 votes)