April 26, 2024

ඉන්දීය ක‍්‍රිකට් පුහුණුකරු අනිල් කුම්බ්ලේගෙන් පෙරළිකාර තීරණයක්

ඉන්දීය ක‍්‍රිකට් පුහුණුකරු අනිල් කුම්බ්ලේගේ ධූර කාලය එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය දක්වා දිර්ඝ කිරීමට ගත් තීරණයට කුම්බ්ලේ අකැමැත්ත ප‍්‍රකාශ කර ඇති බවට වාර්තා වනවා

ගිය වසරේ ජුනි මාසයේ ඉන්දියානු කණ්ඩායමේ පුහුණුකරු ධුරයට පත් අනිල් කුම්බ්ලේගේ පුහුණු ධූර කාලය මේ වන විට පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන තරගාවලිය සමග අවසන් වෙයි.

එහෙත් ඉන්දියානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය එළඹෙන බටහිර කොදෙව් සංචාරය වන තෙක් කුම්බ්ලේගේ ධූරකාලය දිර්ඝ කිරීමට කටයුතු කර ඇති අතර එයට කුම්බ්ලේ අකමැත්ත ප‍්‍රකාශ කර ඇත.

එයට නිශ්චිත හේතුවක්  සදහන් නොවන අතර පසුගියදා ඉන්දීය කණ්ඩායමේ ක‍්‍රීඩකයින් හා පුහුණුකරු අතර ඇතිවූ මතගැටුම එම තීරණයට හේතුවිය හැකි බවට ක‍්‍රිකට් විචාරකයින් මත පළ කරයි

එක්දින තරගය පහක් හා එක් විස්සයි විස්ස තරගයකින් සමන්විත තරගාවලිය ලබන 23වැනිදා ආරම්භ වීමට නියමිතයි

Rate this item
(1 Vote)
Last modified on Saturday, 17 June 2017 07:25