March 19, 2024

පරාජයෙන් පසු ලංකාව ගැනත් කියා මෝගන් පැවසූ දෙයට, හිටපු සුපිරි වේගපන්දු යවන්නාට යකා නගියි(PHOTO)

එංගලන්ත නායක ඔයින් මෝගන් කළ ප්‍රකාශයක් හිටපු පාකිස්ථානු වේගපන්දු යවන්නෙකු වන වකාර් යුනිස්ගේ විවේඡනයට ලක්ව තිබෙනවා.

මෙම තරඟය සඳහා යොදාගත්තේ පැරණි තණතීරුවක් බවත් පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර තිබූ තරඟය පැවතියෙත් මෙම තණතීරුවේම බවත් එම නිසා පාකිස්ථානු කණ්ඩායම හොඳින් පිටියට සූදානම් වී සිටිය බවත් ඊයේ තරඟයෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම තම කණ්ඩායමට සත්කාරක රට ලෙස කිසිදු වාසියක් අත් නොවුණු බවද මෝගන් සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශයට සිය ට්විටර් ගිණුමේ අදහස් දක්වමින් වකාර් යුනිස්, තණතීරුව ගැන කියමින් බොරු නිදහසට කරුණු නොකියන ලෙසත් පාකිස්ථානුවන් හොඳින් ක්‍රීඩා කළ බවත් එංගලන්ත නායකයාට පවසා තිබුණි.

Rate this item
(2 votes)