April 26, 2024

මාලිංගට යළි කිසිදිනක නොලැබෙන දෙයක් අහිමි වෙයි

චැමිපියන්ස් කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව හා පාකිස්තානු කණ්ඩායම සමග පැවැති තරගයේදී ලසිත් මාලිංග යැවු පන්දු හමුවේ පාකිස්තානු කණ්ඩායම ලබාදුන් උඩපන්දු 03ක් ගිලිහිී යාමත් සමග චැම්පියන්ස් කුලසාන තරග ඉතිහාසයේ වාර්තාවක් තැබීමට ලසිත් මාලිංගට තිබු අවස්ථාව අහිමිවිය.

ඒ චැමිපියන්ස් කුසලාන තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට තිබු අවස්ථාවයි.

මේ වන විට චැමිපියන්ස් කුසලාන තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව තිබෙන්නේ නවසීලන්ත ක‍්‍රීඩක කායි මිල්ස්ය. ඔහු තරග 15කදී කඩුලු 28ක් බිද දමා ඇත.

එහි දෙවන ස්ථානයේ පසුවන සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග තරග 16කදී දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 25කි.

පාකිස්තානය සමග පැවැති තරගයේදී මාලිංග යැවු පළමු පන්දුවාරයේදී අසාර් අලීගේ උඩපන්දුව ධනුෂ්ක ගුණතිලක අතින් ගිලිහී ගිය අතර තරගය අවසාන භාගයේ පාකිස්තානු නායක සෆ්රාස් අහමඩ්ගේ උඩපන්දු දෙකක් ද ශ‍්‍රී ලංකා පන්දු රකින්නන්  අතින් ගිලිහී ගියා.

Rate this item
(1 Vote)