April 26, 2024

"මගේ කුලී හේවායා තවමත් ජීවතුන් අතරයි"..සංගා යන්නම යන්න තීරණය කරයි

2015 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු  ගැනීමෙන් පසු  එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා.

පළමු පෙළ තරගවලදී ලකුණු 20,000 සීමාව පසුකර ඇති සංගක්කාර තම සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් පවසා ඇත්තේ බංකුවට පමණක් සීමා වන ක්‍රීඩකයකු දක්වා ක්‍රීඩාවේ යෙදෙනවාට වඩා දක්ෂතා අතර සිටියදී විශ්‍රාම ගැනීම සුවදායක බවයි. 

කෙසේවෙතත් ලබන ජුනි මස බටහිර ඉන්දීය කොදෙව් දූපත් හි පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු විස්සයි -20 තරගාවලි කිහිපයක් ඉදිරියටත් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංගක්කාර සිනහව මුසු කරමින් වැඩිදුරටත් පවසා ඇත්තේ තමා තුළ සිටින කුලී හේවායා තවමත් ජීවතුන් අතර සිටින බවයි.


එහිදී වැඩිදුරටත් කරුණු දක්වා තිබූ සංගක්කාර "ඔබ යමක් ආරම්භ කළ විට ඔබට දිගු ගමනක් හිමි වනු අත. ඒ තුළ ඔබට ප්‍රීතිය භුක්ති විඳීමට හැකි වනු ඇත. නමුත් ඕනෑම දෙයක අවසානයක් ඇත. ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩකයකු හෝ වේවා වෙනත් ක්ෂේත්‍රයක නියැළෙන අයකුට හෝ වේවා ඔහුට අයත් කාලය ඉකුත් වීමේ දිනයක් ඇත" යනුවෙන් අදහස් දක්වා තිබෙනවා.

Rate this item
(13 votes)