April 27, 2024

තීරණාත්මක ඉන්දු - ශ‍්‍රී ලංකා ගැටුමට තිසර පෙරේරා කැදවයි.. කපුගෙදර ඉවතට?

චැමිපියන්ස් කුසලාන තරගාවලියේ තීරණාත්මක තරගයක් හෙට(08) ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි

පළමු තරගයෙන් දකුණු අප‍්‍රිකාව හමුවේ පරාජයක් ලද ශ‍්‍රී ලංකා කණ්ඩායමට තවදුරටත් චැම්පියන්ස් කුසලානයේ රැදී සිටීමට නම් හෙට පැවැත්වෙන තරගය නියත වශයෙන්ම ජයගතයුතු වෙයි.

මේ අතර හෙට පැවැත්වෙන තරගයට ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති බවට වාර්තා වෙයි.

ඒ අනුව තරග තහනමකට ලක්වු උපුල් තරංග වෙනුවට නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් කණ්ඩායමට එක්වන අතර දික්වැල්ල සමගින් කුසල් ජනිත් පෙරේරා ඉනිම ආරම්භ කිරීමට නියමිතව ඇත

මීට අමතරව පළමු තරගයේදී අසාර්ථක වූ චාමර කපුගෙදර වෙනුවට තුන්ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරාද කණ්ඩායම කැදවා ඇතිබව තවදුරටත් වාර්තා වෙයි.

හෙට තරගයට ක‍්‍රීඩා කළ හැකි කණ්ඩායම  –

Niroshan Dickwella, Kusal Janith Perera, Kusal Mendis, Dinesh Chandimal, Angelo Mathews (Captain), Asela Gunarathne, Thisara Perera, Seekkuge Prasanna, Suranga Lakmal, Lasith Malinga, Nuwan Pradeep.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 07 June 2017 12:53