April 26, 2024

ශ්‍රී ලංකා කණ්ඩායමට ලොකු වෙනසක්

බොහෝ කාලයකට පසු චැම්පියන්ස්‌ කුසලාන වෙනුවෙන් කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ට එකට වැඩ කිරීමට හැකි වීමෙන් තම කණ්‌ඩායමේ ශක්‌තීන් වැඩි දියුණුකර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසයි. 

ඔහු මේ බව පැවසූයේ මහනුවර පල්ලකැලේදී පැවැත්වෙන පුහුණු පිළිබඳව අදහස්‌ දක්‌වමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස්‌ පැවසූයේ 

''පහුගිය මාස අටක පමණ කාලයේ ඉඳල අපේ කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ ආබාධ සහ වෙනත් හේතූන් මත එකට ක්‍රීඩා කරන්න ලැබුණේ නැහැ. මේ පුහුණුවීම්වලදී අපේ ශක්‌තීන් වැඩි කරගන්න පුලුවන් වුණා. මෙහිදී ලැබුණු තාක්ෂණය ඇත්තටම අපේ දක්ෂතා ඉහළ දමා ගැනීමට හැකි වුණා.'' 

පන්දු රැකීම පිළිබඳව විශේෂ පුහුණුවීම් මෙන්ම තාක්ෂණය දියුණු කිරීම කෙරෙහිද පල්ලෙකැලේ පැවැති පුහුණු සැසිවලදී වැඩි අවධානයක්‌ යොමු කර තිබේ. 

පසුගිය කාලයේදී පන්දු රැකීමේ සිදුවු අඩුපාඩු චැම්පියන්ස්‌ තරගාවලියේදී මඟ හරවා ගැනීම එම පුහුණුවීම්වලදී ප්‍රධාන අරමුණ වී ඇති අතර චැම්පියන්ස්‌ කුසලාන තරගාවලිය ලබන 1 වැනිදා සිට 18 වැනිදා දක්‌වා රටවල් අටක සහභාගීත්වයෙන් එංගලන්තයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම ලබන සති අන්තයේදී එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි.

Rate this item
(0 votes)