April 26, 2024

ක්‍රිකට් ලෝක ශූරියන්ට තෑගි මල්ලක්

ජූනි 01 වැනිදා ආරම්භවීමට නියමිත අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමට පිරිනැමෙන තෑගි මුදල ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් දක්වා වැඩිකිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ. 
 
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මෙවර තරගාවලිය නොසිතූ විරූ ආකාරයෙන් විකාශන කටයුතු කිරීමට පිඹුරුපත් සකස්කර ඇත.
 
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව තවත් වේගයෙන් ලෝකය පුරා සංවර්ධනය වියයුතු බවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඒකමතිකව තීරණය කර ඇති අතර වසර 15 ක් ඇතුළත කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සදහා මෙම වසර අවසානයේදී සැලැස්මක් ඉදිරිපත් කිරීමටද අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණය කර ඇත.
 
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක නිළධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා පැවසූයේ කාන්තා ක්‍රිකට්ක්‍රීඩාවේ උච්චතම අවස්ථාව කාන්තා ලෝක කුසලාන තරගාවලිය බවයි.
“ඔවුන්ට ඒ සදහා උචිත තෑගි දිය යුතුයි. සමානත්වය සහ පිළිගැනිම සදහා පළමු පියවර ලෙස ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් මෙවර ලෝක ශූරියන්ට අපි තිළිණ කරනවා.”යැයි පැවසූ රිචඞ්සන් මහතා 2013 වසරේදී පැවැති තරගාවලියේදී දුන් ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක මුදල මින් පෙර කවදාවත් සිදුනොවූ ආකාරයෙන් ඉහළ මට්ටමකට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව රැගෙන ඒමම සමත්වී ඇති බවද පැවසීය.
 
“මේ ගිම්හානයේදී තරගාවලි ඉතිහාසයේ ප්‍රධාන හැරවුම් ලක්ෂය බවට පත්වන්තට කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය හැකිවනු ඇතයි අපි සිතනවා. ජාත්‍යන්තරව කාන්තා ක්‍රීඩාව සදහා සහ ක්‍රිකට් සදහා ඇති ඇල්ම ටිකෙන් ටික වැඩිවන බව උදාහරණ අතින් පෙන්විය හැකිය” යැයිද ඔහු සඳහන් කළේය.
 
එංගලන්තයේදී සහ වේල්සයේදී පැවැත්වෙන සියලු තරග පන්දුවෙන් පන්දුවට සජීවීව විකාශය කිරීමට තිරණය කර ඇති අතර පළමු වතාවට කාන්තා ක්‍රිකට් සදහා විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරේ.
 
තරග 10ක් රූපවාහිනි සජීවී විකාශයන් වන අතර තරග 21 ක් අන්තරජාලය ඕස්සේ විකාශය කිරීමට යටයුතු යොදා ඇත.
Rate this item
(0 votes)
Last modified on Saturday, 06 May 2017 13:53