April 27, 2024

යොවුන් දැල් පන්දු කණ්ඩායම කොරියාවට

10 වන දකුණු ආසියානු යොවුන් දැල් පන්දු තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම අද (30) දකුණු කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.
 
මෙවර කණ්ඩායමේ නායකත්වය නදී මදුෂිකා ප්‍රනාන්දු හෙබවන අතර උප නායකත්වය දරන්නේ හෂිනි පෙරේරායි.ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස තමරා ලියනගේ මහත්මිය කටයුතු කරයි.
 
පසුගිය වසරේ ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම ශූරතාව දිනා ගනු ලැබීය. මෙවර කණ්ඩායමට පාසල් මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් ලබා ඇති දක්ෂතා සහිත ක්‍රීඩිකාවන් ඇතුලත්ය. මින් පෙර අවස්ථා 2 කදී ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම ශූරතාවය දිනා ඇති අතර අවස්ථා 4 කදී අනුශූරතාවය දිනා ඇත.
Rate this item
(0 votes)