May 05, 2024

සංගාට තනතුරක්

එළැඹෙන අයි.සී.සී. චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයකු ලෙස හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත් කොට තිබේ. 

ජූනි මස 1 වැනිදා සිට 18 දක්වා එංගලන්තයේ සහ වේල්සයේ පැවැත්වෙන මේ තරගාවලියට සංගක්කාර ඇතුළු තවත් ක්‍රීඩකයන් 8ක් සන්නාම තානාපතිවරු ලෙස පත්වී සිටිති.

පාකිස්තානයේ ෂහීඩ් අෆ්රිඩි, බංග්ලාදේශයේ හබීබුල් බෂාර්, එංගලන්තයේ ඉයන් බෙල්, නවසීලන්තයේ ශේන් බොන්ඩ්, ඔස්ට්‍රේලියාවේ මයික් හසී, දකුණු අප්‍රිකාවේ ග්‍රෙහැම් ස්මිත් සහ ඉන්දියාවේ හර්බජන් සිං සෙසු සන්නාම තානාපතිවරු ලෙස පත්වූ ක්‍රීඩකයෝ වෙති.

ලෝක ක්‍රිකට් පිටියේ කැපී පෙනෙන දස්කම් පෑ මේ ක්‍රීඩකයන් 8දෙනාගේ එක්දින තරග එකතුව 1774කි. මීට අමතරව ලකුණු 51,906ක් බෙදාහදාගත් මේ ක්‍රීඩකයන් ශතක 48කට දායකත්වය ලබාදීමට සමත්වූහ. ඔවුන් එක්දින කඩුලු 838ක් ද බිඳ දමා තිබේ.

Rate this item
(0 votes)