May 02, 2024

බංග්ලාදේශය ජය ගෙන තරගාවලිය සම කරයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති විස්සයි 20 තරගාවලිය ඊයේ(06) ජය පරාජයෙන් තොරව අවසන්විය.

දෙරට අතර පැවති දෙවන තරගය සහ අවසන් විස්සයි 20 තරගය බංග්ලාදේශය ලකුණු 45කින් ජය ගැනීමත් සමග මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 176 ක් ලබාගත්තේය. ඉම්රුල් කයිස් 36 යි. ශකීබ් අල්  හසන් ලකුණු 38 යි. සොවුම්ය සර්කාර් 34 ක් ලබාගත්තා. 

සිය අවසන් විස්සයි 20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ මශ්රෆි මොටාසා ලසිත් මාලිංගගේ පන්දුවක් හමුවේ කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත්වීමට සිදුවිය. පන්දු යැවීමේදී මුශ්ෆිකර් රහීම් / මෙහෙදි  හසන් සහ මශ්රෆි මොටාසා දවා ගනිමින් ලසිත් මාලිංග කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට ද සමත්විය. මෙය ඔහු ජාත්‍යන්තර තරගවලදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් 4 වන අවස්ථාව වේ. 

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දු වාර 18  ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 131 පමණයි. චාමර කපුගෙදර 50 යි. අසේල ගුණරත්න සහ මිලින්ද සිරිවර්ධන කිසිදු ලකුණක් නොලබා පිටියෙන් ඉවත්විය. නායක උපුල් තරංග 23 යි. කුසල් පෙරේරා සහ ඩිල්ෂාන් මුණවීර ලකුණු 4 බැගින් ලබාගත්තේය. මුශ්ෆිකර් රහීම් කඩුලු 4 ක් සහ ශකීබ් අල් හසන් කඩුලු 3 ක් බිඳහෙලීය.

තරගයේ වීරයා ලෙසට ශකීබ් අල් හසන් සම්මාන ලැබු අතර තරගාවලියේ වීරයා වුයේ ලසිත් මාලිංග යි. මේ අනුව සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති ටෙස්ට් / එක්දින සහ විස්සයි 20 තරගාවලි 3 ම ජය පරාජයෙන් තොරව අවසන් වීම විශේෂත්වයකි. 

එම තරගාවලි 3 දීම කණ්ඩායම් දෙක එක් තරගය බැගින් ජයග්‍රහණය කිරීම ද කැපී පෙනෙන සිදුවීමක් විය. එමෙන්ම මීට වසර 3 කට පෙර එනම් 2014 අප්‍රේල් මස 6 වනදා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය බංග්ලාදේශයේදී පැවති අතර එහිදී තරග වැදුනේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. එම තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කලේ කඩුලු 6 කින්. 

එම ජයග්‍රහණයට වසර 3 ක් සපිරෙන අවස්ථාවේ බංග්ලාදේශයට එරෙහි මෙම තරගය ජයග්‍රහණය කිරීමට හැකිවුයේ නම් එය විශේෂත්වයක් වනු ඇති බව ක්‍රිකට් පුවත් සේවා සඳහන් කළේය.

Rate this item
(0 votes)