May 02, 2024

බටහිර ආසියානු බේස් බෝල් ශූරතාව දිනා ගත් ලංකා කණ්ඩායම ජනපති හමුවෙයි

ඉකුත්දා පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී නිමාවට පත්වූ 13 වැනි බටහිර ආසියානු බේස් බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකා බේස්බෝල් කණ්ඩායම සමත් වූ අතර එම කණ්ඩායම සිය කුසලානය සමග ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

කණ්ඩායමේ නායක අකලංක රණසිංහ මහතා විසින් මෙහිදී කුසලානය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ අතර ඔවුන්ගේ දක්ෂතා අගය කරමින් සිය සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා බේස් බෝල් කණ්ඩායම සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

බේස් බෝල් ක්‍රීඩාව පිළිබඳ ලියැවුණු ග‍්‍රන්ථ කිහිපයක් ජපානයේ බේස්බෝල් පුහුණුකරුවෙකු වන හිබේකි හොයාම් මහතා විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශී‍්‍ර ලංකා බේස් බෝල් සංගමයේ සභාපති ෆාසිල් හුසේන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Rate this item
(0 votes)