May 02, 2024

ලංකාවට විශිෂ්ට ජයක්

ශ‍්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවති තරගයෙන් ශ‍්‍රී ලංකාව කඩුලු 6 කින් ජය ගැනීමට සමත් විය.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වු පන්දුවාර 20 තරගයේ ලකුණු 156 ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 යි බෝල 5 ක් අවසානයේ දී ලකුණු 158 ක් හිමි කර ගැනීමට සමත් විය.

පන්දු යැවීමේ දී ලසිත් මාලිංග ලකුණු 38 කට කඩුලු 2 බිද හෙළු අතර පන්දුවට පහර දීමේ දී කුසල් ජනිත් පෙරෙරේ ලකුණු 77 ක් වාර්තා කළේ ය. 

එය කුසල්ගේ හය වන පන්දුවාර විස්ස අර්ධ ශතකය විය.

Rate this item
(0 votes)