May 02, 2024

ලංකාව බංග්ලාදේශයේ සිහිනය බොඳ කරයි

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා පැවති තෙවන ජාත්‍යන්තර එක්දින තරගය ලකුණු 70කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේ ඊයේ (01) පැවති තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවර පනහ අවසානයේ කඩුලු 09 ක් දැවී ලකුණු 280 ක් රැස් කිරීමට සමත් වූහ.

ඕවර 44 පන්දු 03 ක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී බංග්ලාදේශ කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 210 ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 54 ක් සහ තිසර පෙරේරා ලකුණු 52 ක් රැස් කළහ.

පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ලකුණු 37 කට කඩුලු 04 ක් බිඳ හෙලීමට සමත් විය.

ඒ අනුව සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම හා පැවති ජාත්‍යන්තර එක්දින තරගාවලිය ජය පරාජයකින් තොරව අවසන් විය.

Rate this item
(0 votes)