April 26, 2024

ගුරුසිංහ මොනවද දන්නේ අර්ජුන ප්‍රශ්න කරයි (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස වැඩභාරගත් අසංක ගුරුසිංහට සිය රාජකාරිය නිසි ලෙස ඉටුකිරීම සඳහා වත්මන් පරිපාලනය ඉඩ ලබා නොදෙනු ඇති බව අර්ජුන රණතුංග ඇමතිවරයා පවසයි.

ඔහු මේබව කියා සිටියේ ඊයේ 12) උඩුගම්පළ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

"අවුරුදු 20ක් මේ රටේ ක්‍රීඩාවට මොකද වුණේ කියලා අසංක ගුරුසිංහ මහත්තයා දන්නේ නැහැ. මොනවගේ දේශපාලන මැදිහත්වීම් සිදුවුණාද? මොනවගේ හොරකම් කළාද? මොනවගේ වැරදි පුද්ගලයෝ ක්‍රීඩාවට ආවද? යන්න අසංක ගුරුසිංහ මහතා දන්නේ නැහැ. ඒ වගේම මම පැහැදිලිව කියනවා අසංක ගුරුසිංහ, මගේ සහෝදර ක්‍රීඩකයාට ඔය වැඩේ හරියට කරන්න අද ඉන්න පරිපාලනය කවදාවත් ඉඩ දෙන්නේ නැහැ." යැයි ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින් "පරිපාලනයේ ඉන්න අය දේශපාලන අතගැසීම් කරනවා. ඔවුන්ගේ මිත්‍ර‍යින්ගේ දරුවන් සෙල්ලම් කරන්න දානවා. ඊයේ පෙරේදත් වුණා. එයින් ක්‍රිකට් පාලක මණ්ඩලයම අපකීර්තියට පත්වෙලා තියෙනවා. මෙතැන සිදුවෙන්නේ මේ පැරණි ක්‍රීඩකයින්ව පාවිච්චි කරලා ඒගොල්න්ගේ එවැනි මඩ වහ ගැනීමේ ක්‍රියාදාමයක්. මේ නිසා මම වගකීමකින් කියනවා මේ සියලුම ක්‍රීඩකයින් අරවින්ද, අසංග, සනත් ඇතුළු සියලුම දෙනාම ක්‍රිකට් ක්‍රීඩාවේ වරදක් වෙනවා නම් ඒ වරද එක්කෝ හදන්න ඕන, එසේ නැත්නම් එතනින් ඉවත් වෙන්න ඕන." යැයි පැවසීය.

ඇමතිවරයා තවදුරටත් කියා සිටියේ ක්‍රිකට් පරිපාලනයට පිවසීමට වඩා වරාය ගැන තමන්ට විශාල වගකීමක් පැවරී ඇති බවය.

"විශේෂයෙන්ම මම කිව යුතුයි, මම ක්‍රිකට් පරිපාලනයට එන්නේ නැහැ. විශේෂයෙන්ම පසුගිය ක්‍රිකට් නිලවරණයේදී මම උප සභාපතිවරයෙක් හැටියට සුදුසු නැහැ කියලා ක්‍රිකට් නිලවරණයේදී ඡන්දේ දෙන අය තීරණය කළා. දැනට ක්‍රිකට්වලට එන්න ඕනේ නැහැ කියලා ඊට පස්සේ මම තීරණයක් ගත්තා. නමුත් අද වන විට ලෝක කුසලානය ජයග්‍ර‍හණය කළ විශාල ප්‍ර‍මාණයක් ක්‍රිකට් පුහුණුකරුවන් ලෙස ඉන්නවා. ඉතින් අපිට ඉදිරියේදී ලෝක කුසලානයක් දිනාගන්න පුළුවන්. ඒක නිසානේ මේ ක්‍රීඩකයින්ව ගේන්නේ. මොවුන්ට ඒ අවස්ථාව දීලා අපි සුභ පතන්න ඕන ජයග්‍රහණය ලැබෙන්න කියලා." යනුවෙන් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග පැවසීය.

- බීබීසී -

Rate this item
(0 votes)
Last modified on Monday, 13 March 2017 13:10