May 19, 2024

ක්‍රිකට් ආයතනයට වාසියක්

අත්‍යාවශ්‍ය කටයුතු සඳහා නොපමාව මුදල් වැය කළත් අනවශ්‍ය වියදම් කපා හැරීම නිසා පසුගිය 2016 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 400 ක ලාබයක් ලබා තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා රීඞ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශයේ ඊයේ  පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. වසර 2016 ක්‍රිකට් ආයතනයේ මූල්‍ය වාර්තාව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාට පිළිගැන්වූ අවස්ථාවට සහභාගී වෙමින් සුමතිපාල මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ මනා මූල්‍යමය කළමනාකරණය ඊට ප්‍රධාන වශයෙන් බලපෑ බවයි.

එම අවස්ථාවට සහභාගී වූ ඔහු මෙසේද පැවසීය.“ක්‍රිකට් ආයතනය පසුගිය වසර කීපයකදී දැඩි ලෙස පාඩු ලබමින් සිටියා. නමුත් 2016 වසරේදී රුපියල් මිලියන 200 ක ලාභයක් ලබන්න සමත් වුණා”“අතීතයට බැණ වදිනවාට වඩා අනාගතයේ අපේක්‍ෂිත ඉලක්ක සඳහා කටයුතු කිරීම මගේ ඉලක්කයයි. 2016 වසරේ මූල්‍ය තත්ත්වයේ අඩුපාඩු හා ප්‍රතිව්‍යුහගත කිරීම් නුස්කි මොහොමඞ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මූල්‍ය කමිටුව ගැටලුකාරී තත්ත්වයකින් තොරව සාර්ථකව අවසන් කළා.එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මේවනවිට ක්‍රිකට් ආයතනය ස්ථාවර තත්ත්වයකට පත්ව සිටින බවත් ක්‍රිකට් ක්‍රීඩකයන් 100 දෙනෙකු පමණ මේ වනවිට ගිවිසුම්වලට ඇතුලත් කර තිබෙන බවත්ය.

ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා එහිදී පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගාධයකට වැටී තිබුණු සමයක එය නැවත මූල්‍යමය වශයෙන් ලැබූ ස්ථාවරය පිළිබඳව තමන් සතුටට පත්වන බවය. එය පසුගිය වසරේදී ක්‍රිකට් ආයතනයේ වූ විශේෂ ප්‍රගතියක් බවත් ක්‍රීඩා ඇමතිවරයා ලෙස ක්‍රිකට් තේරීම්වලට තමා පසුගිය කාලයේදී කිසිදු ආකාරයකින් බලපෑමක් නොකළ බවත් අවධාරණය කර සිටියේය.මේ අතර ජාතික ක්‍රීඩා සංගම්හි 2016 වසරේ මූල්‍ය වාර්තා ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාදීමේ අවසන් දිනය මෙම මාර්තු 31 වැනිදා සිට ලබන මැයි 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ

Rate this item
(0 votes)