May 19, 2024

සනා දැඩි කළකිරීමෙන්

සංචාර අතරවාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තේරීමේ බලය නව කළමනාකරු අසංක ගුරුසිංහ වෙත පැවරීම හේතුවෙන් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය කළකිරීමෙන් පසුවන බව වාර්තා වේ.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් සනත් හා ගුරුසිංහ බිඳවීමට හිතාමතා කරන ලද සැලැසුමක් බවටද ක්‍රිකට් විචාරකයින් සැක පලකරයි.

සිය තේරීම් සම්බන්ධයෙන් සභාපති තිලංග අත ගැසීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රාහී ඕස්ට්‍රේලියානු සංචාරයට පෙර සනත් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිය ඉල්ලා අස්වීම ලබාදී තිබිණි.

සනත් සමඟ කළ සාකච්ඡාවකින් පසුව තිලංග කණ්ඩායම් තේරීමට අත නොගසන බවට වූ පොරොන්දුව මත සනත් සිය ඉල්ලා අස්වීම නැවත ඉල්ලා අස්කරගත්තේය.

එම අවස්ථාවෙදී සනත් සමඟ සමස්ථ තේරීම් කමිටුවම ඉල්ලා අස්විය.

 
Rate this item
(0 votes)