May 07, 2024

උපුල් තරංග සතුටින්

ආරම්භක පිතිකරුවෙකු ලෙස කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් නැවත හිමිවීම ගැන තමන් සතුටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු උපුල් තරංග පවසයි.

ඔහු මේ බව කියා සිටියේ හෙට (07) ආරම්භවීමට නියමිත ටෙස්ට් තරඟය වෙනුවෙන් පැවති අවසන් පුහුණු හෙතෙම මේ අදහස් දැක්වීය.

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පළමු ටෙස්ට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතයි.

මෙම ටෙස්ට් තරඟයේදී උපුල් තරංග ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කිරීමට නියමිත අතර පසුගියදා පැවති දකුණු අප්‍රිකානු සංචාරයේ එක්දින තරගවලට ආරම්භක පිතිකරුවෙක් ලෙස සහභාගී විය.

පසුගිය කාලය පුරාම උපුල් තරංගට කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් හිමිනොවූ අතර ඔහු ක්‍රීඩා කළේ මැදපෙළ පිතිකරුවෙකු ලෙසනි.

ශතක රැස්කළත් නොකඩවා ලකුණු අතර සිටීමට නොහැකිවීම පිළිබඳව උපුල් තරංගගෙන් විමසූවිට ඔහු පැවසුවේ දිගටම ලකුණු අතරට පැමිණීමට තමන් උත්සාහ කරන බවයි.

ලකුණු 30ක් හෝ 40ක් ලබාගැනීමට වඩා දිගු ඉනිම් ක්‍රීඩා කිරීමට තමන් බලාපොරොත්තුවන බව ඔහු පැවසුවේය.

Rate this item
(0 votes)