May 07, 2024

ද අප්‍රිකාව නොකඩවා 7 වැනි එක්දින තරඟාවලියත් ජය ගනී

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ  දක්ෂ පන්දු යැවීම හමුවේ අසරණ වූ නවසීලන්තය පරදා ඕක්ලන්ඩ් හිදී පැවති පස්වැනි හා අවසන් එක්දින තරගයෙන් කඩුළු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. මේ සමගින් තරග 5 කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 3-2 ක් ලෙස ජයගැනීමට ද ඔවුන් සමත් විය.

ඊයේ (04) උදෑසන පැවති තරගයේ  ලකුනු  150 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 32 කදී සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට සමත් විය. කණ්ඩායම ජයග්‍රහණයට ගෙන ගිය ෆෆ් ඩු ප්ලෙසි ලකුනු 51 ක්ද  ඩෙවිඩ් මිලර් ලකුනු 41 ක්ද නොදැවී ලබා ගත්හ.

තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රීඩකයෝ පන්දුවාර 41 කදී සියල්ලන් දැවී රැස් කලේ ලකුණු 149 ක් පමණි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් කගීසෝ රාබඩා කඩුළු 3 ක් දවා ලීය.

මේ ජයග්‍රහණය දකුනු අප්‍රිකාව එක්දින පිටියේදී නොකඩවා ජයගත් 7 වැනි එක්දින තරගාවලිය වන අතර මේ සමගින් එක්දින පිටියේ අංක එකේ ස්ථානය ආරක්ෂා කර ගැනීමට ද ඔවුන් සමත්  විය.

Rate this item
(0 votes)