May 07, 2024

වසර 30 කට පසු පැසිපන්දු ශූරතාව ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය සංවිධානය කළ ජාතික පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් විය. ගුවන් හමුදා කණ්ඩායමක් අවසන් වරට ජාතික පැසිපන්දු ශූරතාව දිනාගෙන අත්තේ 1987 වසරේදී බැවින් මෙවර ඔවුන් එම ශූරතාවට හිමිකම් කීවේ වසර 30 පසු වීම කැපීපෙනෙන සිදුවීමකි.
 
බම්බලපිටිය පොලිස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 84-60 ක් ලෙස කොළඹ ක්‍රීඩා සමාජ කණ්ඩායම පරාජය කරමින් ගුවන් හමුදා කණ්ඩායම මෙවර තරගාවලියේ ශූරතාවට හිමිකම් කීවේය.
 
මූලික වටයේ තරග වලදී යුද හමුදාව, පොලිසිය, මඩකලපුව යන ක්‍රීඩා සමාජ කණ්ඩායම් පරාජය කළ ගුවන් හමුදාව, අවසන් පූර්ව වටයේදී වෙළෙඳ සේවා කණ්ඩායම පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
 
ගුවන් හමුදා කණ්ඩායමේ වෙනිටෝ ඇන්තනී තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර රවී දොඩන්ගොඩ අවසන් මහ තරගයේදී ලකුණු 30 ක් රැස්කිරීමට සමත් විය.
Rate this item
(0 votes)