May 07, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු ගුරුසිංහ

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස හිටපු ක‍්‍රීඩක අසංක ගුරුසිංහ පත් කර තිබේ.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගුරුසිංහ මහතා ලබන සිකුරාදා දිවයිනට පැමිණිමට නියමිත බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පැවසුවේය.

ඒ අනුව බංග්ලාදේශය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ සිට අසංක ගුරුසිංහ කළමනාකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

අසංක ගුරුසිංහ 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකි.

Rate this item
(0 votes)