May 08, 2024

නෙදර්ලන්තය සහ කොස්ටරිකා කණ්ඩායම් ඉදිරියෙන්

ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යටතේ ඊයේ (29) පැවති තවත් තරග දෙකකින් ජය ගැනීමට නෙදර්ලන්තය සහ කොස්ටරිකා කණ්ඩායම් සමත් ව තිබේ.
නෙදර්ලන්තය සමගින් මෙක්සිකෝ කණ්ඩායම තරග වැදුණු අතර කොස්ටරිකා කණ්ඩායම ග්‍රීසිය සමග තරග වැදුනේ ය.
මෙක්සිකෝව සහ නෙදර්ලන්ත අතර පැවති තරගයේ දී ගෝල 02- 01 ක් ලෙස ජයග්‍රහනය කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් ව ඇත.
කෙසේ වුව ද කොස්ටරිකා කණ්ඩායම සහ ග්‍රීසිය අතර පැවති තරගයේ දී නියමිත වේලාවේ දී කණ්ඩායම් දෙක ම එක් ගෝලය බැගින් ලබා ගැනීමත් සමග තරගය ජය පරාජයෙන් තොර ව අවසන් විය.
අනතුරු ව ලබාදුන් අතිරේක කාලයේ දී ද කණ්ඩායම් දෙක ම ගෝල ලබා ගැනීමට සමත් නොවුණු අතර පසු ව දඬුවම් පහර මගින් කොස්ටරීකා කණ්ඩායම 05 ට 03 ක් ලෙස ග්‍රීසිය පරායට පත් කළේ ය.

Rate this item
(0 votes)