May 02, 2024

දික්වැල්ලගේ තරඟ තහනමට අගමැති අත පොවයි

February 21, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අයිසීසීය මගින් පැනවූ තරග තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට උපදෙස් දී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීමෙන් දික්වැල්ලගේ තරග තහනම සම්බන්ධ යම්කිසි සහනයක් ලබාගැනීමට නියමිතයි.

දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලියේ දී දකුණු අප්‍රිකා ක්‍රීඩක රබාඩා සමග ඇති කරගත් ගැටුම හා පසුගියදා පැවැති ඕස්ට්‍රේලියාව සමග දෙවැනි විස්සයි විස්ස තරගයේ දී දික්වැල්ලට ලැබුණු විනිසුරු තීරණයට අකමැත්ත පළ කිරීම යන කරුණු හේතුවෙන් මෙම තරග තහනම පැනවීමට අයිසීසීය ක්‍රියා කර තිබිණි.

Rate this item
(0 votes)