May 02, 2024

සහිඩ් අෆ්රිඩි ක්‍රිකට් පිටියට සමුදෙයි

February 21, 2017

පාකිස්‌තාන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක සහිඩ් අෆ්රිඩි සිය ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවට සමුදෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

තිස්‌ හය වැනි වියේ පසුවන අෆ්රිඩි 2010 වසරේ ටෙස්‌ට්‌ ක්‍රීඩාවට සමුදුන් අතර 2015 එක්‌දින ජාත්‍යන්තර තරග දිවියට සමුදුන්නේය.

පාකිස්‌තානු විස්‌සයි විස්‌ස ප්‍රිමියර් ලීග් තරගාවලියේ පෙෂ්වර් සලාමි පිල නියෝජනය කරමින් සංගක්‌කාරගේ නායකත්වයෙන් යුත් කරච්චි කිංග්ස්‌ පිලට එරෙහිව පන්දු 28 කදී හතරේ පහර තුනක්‌ සහ හයේ පහර පහක්‌ සමග ලකුණු 54 ක්‌ ලබා ගැනීමෙන් පසු සිය සමුගැනීම අෆ්රිඩි විසින් ප්‍රකාශ කළේය.

අෆ්රිඩි පාකිස්‌තානය වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 27 ක්‌, එක්‌දින තරග 398 ක්‌ සහ විස්‌සයි විස්‌ස තරග 98 ක්‌ නියෝජනය කර තිබේ.

Rate this item
(0 votes)