May 02, 2024

කැන්ගරුවන් අසරණ කළ අසේලගේ සුපිරි ඉනිම මෙන්න (VIDEO)

February 20, 2017

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙම ජයග්‍රහණයත් සමග ඕස්ට්‍රේලියාවේ දී අඛණ්ඩව 20-20 ජාත්‍යන්තර තරගාවලි තුනක ජය හිමිකර ගැනීමේ වාර්තාවට ද ශ්‍රී ලංකා හිමිකම් කියනවා. දෙවන 20-20 තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ කඩුලු 2 කින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක උපුල් තරංග පළමුවෙන් පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 173 ක්. පන්දුයැවීමේ දී ලසිත් මාලිංග හා නුවන් කුලසේකර කඩුළු තුන බැගින් බිඳ හෙලුවා.

පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු පහ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී අධිෂ්ටානශීලී පිති හරඹයක් ක්‍රියාත්මක කළ අසේල ගුණරත්න ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ඒමට දුන්නේ ප්‍රබල දායකත්වයක්. චාමර කපුගෙදර හා අසේල ගුණරත්න පැවැත්වූ ලකුණූ පනස් දෙකක අගනා සම්බන්ධතාව බිඳී ගියේ චාමර කපුගෙදර ලකුණු තිස් දෙකකට දැවී යාමත් සමගයි.

අවසන් පන්දුවේ දී දර්ශනීය හතරේ පහරක් එල්ල කරමින් අසේල ගුණරත්න ශ්‍රී ලංකාවට ජයහිමිකර දුන්නේ නොදැවී ලකුණු 84 ක් ලබා ගනිමින්. ඒ සමගින් තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ අසේල ගුණරත්නයි.

 

Full Highlights 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 February 2017 09:39