May 01, 2024

ක්‍රිකට් ඉතිහාසයට එකතු වූ තරඟයක්

February 16, 2017

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග මාලාවක් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම ක්‍රීඩා කරන පෙරහුරු තරගයක් සංවිධානය කළ පළමු අවස්ථාව ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා අගමැතිගේ කණ්ඩායම අතර ඊයේ (15) කැන්බරාහි මනූකා ඕවල් පිටියේ පැවැති තරගය ඉතිහාසයට එක්විය.

ඔස්ට්‍රේලියානු  අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාද ඒ බව තහවුරු කළේය. පෙරහුරු විස්සයි විස්ස තරගයට පෙරාතුව පැවති විශේෂ භෝජන සංග්‍රහයේදී ටර්බුල් මහතා මේ බව පැවැසීය.

තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවට ද අග්‍රාමාත්‍යවරු දෙපළ සහභාගී වූ අතර කාසියේ වාසිය උරගා බැලිම සඳහා ශ්‍රී ලංකාවේ කාසියක් උපයෝගී කර ගෙන තිබුණි.

පෙරහුරු තරගය නැරඹීහ සඳහා අග්‍රාමාත්‍යවරු දෙපළද එක්වූ අතර එම තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවිය.

Rate this item
(0 votes)