May 08, 2024

දකුණු අප්‍රිකානුවන් හඬවමින් සිංහයන් ජය ලැබූ හැටි (VIDEO)

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම පරාජය කර දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය 2-1 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා (25) සමත් වුණා.

ඒ අනුව දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකා කණ්ඩායමක් පරාජය කර පළමුවරට විස්සයි 20 තරගාවලියක් ජයගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

නිව්ලෑන්ඩ්ස් පිිටියේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 169 ක් රැස්කරමින් ශ්‍රි ලංකා කණ්ඩායමට ලකුණු 170 ක ඉලක්කයක් ලබාදුන්නා.

එයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5කදී කඩුලු පහක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත් වුණා.

නිරෝෂන් දික්වැල්ල තරගය ශ්‍රි ලංකාව දෙසට රැගෙන ආ අතර සික්කුගේ ප්‍රසන්න හා අසේල ගුණරත්න තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියා.

නිව් ලෑන්ඩ්ස් පිටියේදී වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් වාර්තා කළ ජය ලෙසද මෙය ඉතිහාසයට එක්වනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 27 January 2017 12:43