May 07, 2024

ඩ්‍රාවිඩ් නිකන් දුන්නු ආචාර්ය උපාධිය එපා කියයි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු හිටපු නායක රාහුල් ඩ්‍රාවිඩ් හට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කළ සේවය අගයමින් බැංගලෝර් සරසවියෙන් ආචාර්ය උපාධියක් පිරිනැමීමට කටයුතු කර තිබෙනවා.

එහෙත් එම අචාර්ය උපාධිය රාහුල් ඩ්‍රාවිඩ් විසින් ප්‍රතික්ෂේප කරමින් කියා ඇත්තේ තමන් විසින් එම ආචාර්ය උපාධිය නිසි පරිදි උපයා ගත යතු බවත් ඒ සඳහා අවශ්‍ය ශාස්ත්‍රීය පර්යේෂණ තමා සිදුකරන බවත්ය.

කෙසේ වුවද බැංගලෝර් සරසවිය ඩ්‍රාවිඩ් හට ඒ බව ලිපියක් මඟින් දැනුම් දී තිබෙනවා.

පිටියට පැමිණි පසු තම විකට්ටුව රැකගැනීමේ සම්භාවිතාව වැඩි බැවින් ඉන්දීය ක්‍රිකට් ලෝලීන් ඔහු බිත්තිය "The wall" යන නමින්ද හදුන්වනවා.

 
Rate this item
(0 votes)
Last modified on Friday, 27 January 2017 12:29