May 07, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයින් මෙන්න

ලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී දරුණු පරාජයකට මුහුණ දීමෙන් පසු කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ටෙස්ට් එක්දින සහ T 20 තරග සදහා නායකයින් තිදෙනෙකු නම් කරන්නට බහුතරයගේ කැමැත්ත ලැබී ඇති බව සදහන්.

දකුණු අප්‍රිකානු තරගාවලියෙන් පසු හෝ ඔස්ට්‍රේලියාව සමග T 20 තරගාවලියෙන් පසු ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය රංගන හේරත්ට පිරිනැමෙනු ඇති.

එක්දින කණ්ඩායමේ නායකත්වය සදහා දිනේෂ් චන්දිමාල්ගේ සහ උපුල් තරංගගේ නම් යෝජනාවී තිබෙනවා.

කෙසේ වුවත් බහුතරයකගේ කැමැත්ත වී තිබෙන්නේ එක්දින නායකත්වය චන්දිමාල්ට ලබා දීමටයි. T 20 නායකත්වය ලසිත් මාලිංගට ලබාදීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

කෙසේ නමුත් අදාළ යෝජනාව සම්බන්ධයෙන් මාලින්ගගෙන් ක්‍රිකට් බලධාරීන් විමසා සිටි විට ඔහු පවසා ඇත්තේ තමන්ට එක්දින කණ්ඩායමේ නායකත්වයද අවශ්‍ය බවයි.

එම අවශ්‍යතාව මතුවන්නේ තමන් චැම්පියන් කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කළහොත් පමණක් බවත් මාලිංග පවසා තිබෙනවා.

Rate this item
(0 votes)