May 07, 2024

ක්‍රිකට් හෙල්මට් නීතිය අලුත් වෙයි

ජාත්‍යන්තර කාන්තා සහ පිරිමි ක්‍රිකට් තරග වලදී ආරක්ෂක හිස්වැසුම් භාවිතය පිළිබඳව නව නීති ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් පසුගිය දිනක ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව පිතිකරුවන් මෙම ආරක්ෂක මුහුණු ආවරණ භාවිතය අනිවාර්ය නොවන අතර එසේ භාවිතා කරන්නේ නම් එය බ්‍රිතාන්‍ය තත්ත්ව සහතිකයෙන් යුත් BS7928:2013 වර්ගයේ ආරක්ෂක හිස්වැසුම් විය යුතු බව ඔවුහු ප්‍රකාශ කර සිටිති.

එසේම මෙම නව ක්‍රිකට් රෙගුලාසි ලබන පෙබරවාරි 1 වනදා සිට ක්‍රියාත්මක බවට වාර්තා වේ.

මෙම නව රෙගුලාසි පිළිබඳව පිතිකරුවන් දැනුවත් කිරීමෙන් අනතුරුව නීති උල්ලංඝනය කරන තරඟකරුවන්ට අවස්ථා දෙකක් අවවාද කිරීමෙන් පසුව ද එම නීති උල්ලංඝනය කළහොත් නීති කඩ කරන තරඟකරුවන් සදහා තරඟ තහනම් කරන බව ද ඔවුන් තවදුරටත් කියා සිටියි.

Rate this item
(0 votes)