May 04, 2024

සංඟාට කැපිල්ලක්

ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් තරඟාවලියේදී හොබාට් හරිකෙනේස් කණ්ඩායමට ක්‍රීඩා කරන කුමාර් සංගක්කාරට එම කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.

තරඟාවලියේදී සංගා ක්‍රීඩා කළ තරඟ පහේදී ඔහුට වාර්තා කිරීමට හැකිව ඇත්තේ ලකුණු 58ක් පමණි.

ඒ හේතුවෙන් ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමිවී තිබේ.

ඒ අනුව සංගා පසුගිය 8 දා තරගාවලියේදී හොබාට් හරිකෙනේස් කණ්ඩායම ක්‍රීඩා කළ තරඟයට එක් නොවීය.

සංගා කණ්ඩායමෙන් ඉවත් කිරිම පිළිබඳව අදහස් දක්වමින් එහි පුහුණුකරු ඩේමියන් රයිට් පැවැසුවේ සංගා ඉවත්කිරීම තමා ගත් අපහසුම තීරණයක් බවයි.

 
Rate this item
(0 votes)