May 04, 2024

ශ්‍රී ලංකාව දෙවැනි තරඟයත් පරදියි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පැවැති දෙවැනි ටෙස්ට් තරඟයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 282කින් පරාජයට පත්විය. 

ලකුණු 506ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 224ට සීමා කිරිමට දකුනු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ. 

ඒ අනුව තරග 3 කින් සමන්විත වූ ටෙස්ට් තරඟාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදි ජයග්‍රහණය කිරිමටත් දකුණු අප්‍රිකානුවෝ සමත්වූහ.

මෙම තරගයේදී දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබඩා ලකුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 10ක් දවාගත් අතර ශ්‍රී ලංකාවට එරෙහිව එවැනි දක්ෂතාවක් දැක්වූ දෙවැනි ක්‍රීඩකයා ලෙසත් ඔහු ඉතිහාසයට එක්විය.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරඟය එළැඹෙන 12දා ජොහැන්නස්බර්ග්හිදි ආරම්භවීමට නියමිතය.

 
Rate this item
(0 votes)
Last modified on Thursday, 05 January 2017 16:10