May 05, 2024

දෝනි නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

මහේන්ද්‍ර සිං දෝනි සීමිත ඕවර ක්‍රිකට් කණ්ඩායමේ නායකතත්වයෙන් ඉල්ලා අස්වූ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) නිවේදනය කරයි.

ඔහු ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය අත්හැරියේ ඉකුත් 2014 වසරේදීයි. 

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ එළැඹෙන එංගලන්ත සංචාරය සඳහා ද කඩුලු රකින්නෙකු සහ පිතිකරුවෙකු ලෙස එක්වීමට තමන් සූදානමින් සිටින බව ඔහු එරට ක‍්‍රිකට් පාලක මණ්ඩලය වෙත දැනුම් දී තිබේ.

මේ වන විට 35 වන වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝනි එක්දින තරග 199 කදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවා ඇත.

එයින් තරග 110 ක්ම ඉන්දියාව ජයගෙන ඇති අතර පරාජය වී ඇත්තේ තරග 74 ක් පමණි.

පන්දුවාර විස්සයි විස්සේ තරග 72 කදී ද මහේන්ද්‍ර සිං දෝනි ඉන්දීය කණ්ඩායමට නායකත්වය දී තිබේ.

ඒවායින් ඉන්දියාව ජයගත් තරග සංඛ්‍යාව 41 ක්. පරාජය වූ තරග ගණන 28 ක් පමණයි.

ඉන්දීය ක‍්‍රිකට් කණ්ඩායමේ සාර්ථකම නායකයා ලෙස ද ඇතැම් විචාරකයෝ මහේන්ද්‍ර සිං දෝනි හඳුන්වා දෙති.

Rate this item
(0 votes)