May 04, 2024

ක්‍රිකට් ඉතිහාසයට එකතු වූ අලුත්ම දේ මෙන්න (VIDEO)

December 28, 2016

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ලීග තරගාවලිය සඳහා සිය කළු පැහැති ක්‍රිකට් පිත්ත භාවිත කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක අන්ද්‍රේ රසල් වෙත අවසර ලබා දී තිබේ.

ඒ සඳහා අවසර ලබා දී ඇත්තේ ක්‍රිකට් පිත්තේ ඇතැම් වෙනස්කම් සිදු කිරීමෙන් පසුවයි.

සිඩ්නි සික්සර්ස් කණ්ඩායමට එරෙහිව පසුගිය සතියේ පැවති තරගයේදී සිඩ්නි තන්ඩර් කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසි රසල් පන්දුවට පහර දීම සඳහා රෝස පැහැති මිට කොටසකින් සමන්විත කළු පැහැති ක්‍රිකට් පිත්තක් යොදා ගත්තේය.

පන්දුව මත කළු පැහැති සලකුණු තැවරීම හේතුවෙන් පන්දුවට පහර දීම සඳහා එම ක්‍රිකට් පිත්ත යොදා ගැනීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් තහනම් කරනු ලැබිණි.

"පිත්තේ මතු පිට විනිවිද පෙනෙන ලැමිනේට් කවරයක් යොදා තිබෙනවා," ක්‍රිකට් පිත්තේ සිදු කරන ලද වෙනස්කම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් බිග් බෑෂ් තරගාවලියේ ප්‍රධානී ඇන්තනී එවරාඩ් කියා සිටියේය.

බිග් බෑෂ් තරග සඳහා සහභාගීවන පිතිකරුවන්ට කළු පැහැති හෝ සිය කණ්ඩායමේ නිල වර්ණයට සමාන පැහැයෙන් යුත් ක්‍රිකට් පිති භාවිතා කළ හැක.

 

Rate this item
(0 votes)