May 05, 2024

69 වැනි 'මිස්‌ටර් ශ්‍රී ලංකා' - උදය කුමාර

December 27, 2016

ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනය මගින් 69 වැනි වරටත් සංවිධානය කළ මිස්‌ටර් ශ්‍රී ලංකා ජාතික කායවර්ධන ශුරතා තරගාවලියේ ‘මිස්‌ටර් ශ්‍රී ලංකා’ ශූරයා බවට යුද හමුදා ක්‍රීඩා සමාජයේ ආර්.එම්.එස්‌. උදය කුමාර සම්මාන දිනාගන්නා අතරවාරයේ එහි ශූරිය වශයෙන් දුලාංජලී සුබසිංහ තේරීපත් විය.

ඒ අනුව ‘මිස්‌ටර් ශ්‍රී ලංකා’ දිනාගත් උදය කුමාරට සියලු ඉඳුම් හිටුම් සමග දින හතරක ඉන්දියානු සංචාරයක්‌ ලබාදීමට සංවිධායකයන් කටයුතු කරනු ලැබීය.

එම කාණ්‌ඩයේ දෙවැනි සහ තෙවැනි ස්‌ථාන පිළිවෙළින් ටී.එන්.යූ.කේ. තෙන්නකෝන්ට සහ බී.ඒ.එම්. මෙන්ඩිස්‌ට හිමි වූහ. ඔවුන් දෙදෙනාත් යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කිරීම විශේෂත්වයක්‌ බවට පත්විය.

ඉකුත් සමයේ මීගමුවේ පැවැති ආධුනික අයෝමය ශූරිය තේරීමේ තරගයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම අයෝමය ශූරිය බවට නිතරගයෙන් තේරී පත්වූ දුලාංජලී සුබසිංහ මෙම තරගයේදීද ඉතිහාසයේ පළමු වරට ජාතික කායවර්ධන ශූරතාවලියක ශූරිය බවටද පත්විය.

මෙය ජාතික කායවර්ධන ශූරතා තරගාවලියකදී ක්‍රීඩිකාවක්‌ සහභාගී වූ පළමු අවස්‌ථාව වශයෙන්ද ඉතිහාසයට එක්‌විය. එසේම ඉන්දියාවේ සංචාරයක්‌ ලබාදීම වෙනුවෙන් පැවැති වයස අවු. 21 න් පහළ කාණ්‌ඩයේ ශූරයා බවට එම්. රාජමාරන් තේරීපත්විය. ඔහුට අභියෝගයක්‌ එල්ලකළ මල්ශාන් වීරසිංහට එහි දෙවැනි ස්‌ථානයත්, බී.ඩී.එන්. චතුරංගට තෙවැනි ස්‌ථානයත් හිමි විය.

Rate this item
(0 votes)