May 18, 2024

19න් පහල ආසියානු ක්‍රිකට් තරගාවලිය අද සිට

December 15, 2016
ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් රටවල් 8ක් එක්වන ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹ ගලදාරි හෝටලයේදී පැවැත්විණි. 
 
එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා සමගින් තරගාවලියට එක්වන රටවල තනාපතිවරුන්, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
Rate this item
(0 votes)