May 18, 2024

පිතිකරුවන් අතර හොදම දෙවැන්නා කෝලි

December 14, 2016
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාජ් කෝලි අන්තර් ජාතික ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයට පත්වෙයි.
 
පසුගියදා එන්ගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරඟාවලියේදී ඉන්දියාව වෙනුවෙන් ලකුණු 235ක ඉනිමක් ක්‍රීඩා කිරීමත් සමඟ ඔහු මෙලෙස ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ ඇත.
මෙම ශ්‍රේණිගත කිරීමේ මුල් තැන ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් හිමි කර ගත්තේය.
 
ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු තැන ඉන්දීය ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් හිමිකරගෙන ඇති අතර, එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ රංගන හේරත්ට හිමිව තිබේ. 
Rate this item
(0 votes)