May 18, 2024

කාන්තා ක්‍රිකට් කළමනාකරුත් ඉවත්කරයි?

December 11, 2016

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස කටයුතු කළ වැනීසා ද සිල්වා මහත්මිය එම තනතුරෙන් ඉවත් කර, ඒ වෙනුවට ඉදිරියේදී හිටපු ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන අප්සාරි තිලකරත්න මහත්මිය පත්කිරීමට නියමිත බව මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳ වැනීසා මහත්මියගෙන් කළ කරුණු විමසීමකදී ඇය කියාසිටියේ තමාටද එවැනි කරුණක් වාර්තා වූ නමුත් මේ වනතෙක් ලිඛිතව එය තමන් වෙත දන්වා නොමැති බවයි.

එමෙන්ම මේ පිළිබඳ සත්‍ය අසත්‍යතාව දැනගැනීම සඳහා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කරුණු විමසන ලෙසද ඇය ප්‍රකාශ කළාය.

කෙසේ වෙතත් පසුගිය 08 වැනිදා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන්ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරුවන් මාරු කිරීමේ (Rotate System) ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට ක්‍රිකට් ආයතනය පියවරගෙන ඇති බවයි.

වැනීසා ද සිල්වා මහත්මිය දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනිය ලෙස සේවය කරන අතර, මෙරට පළමු ක්‍රිකට් කණ්ඩායම් නායිකාව වන්නේද ඇයයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 10 December 2016 14:58