May 18, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු වෙනස් වෙයි

December 08, 2016

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු වශයෙන් ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රංජිත් ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

මින් පෙරද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරුවෙකු ලෙස සේවය කර ඇති ඒ මහතා ශාන්ත බෙනඩික් විදුහලේ ආදි සිසුවෙකි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් 1975 ලෝක කුසලාන තරගාවලියේදී එක්දින තරග 03කට ක්‍රීඩා කර ඇති ප්‍රනාන්දු මහතා ක්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස පවත්වන්නේ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමත් සමඟයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 December 2016 16:29