May 18, 2024

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරග කාලසටහන මෙන්න

December 08, 2016

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට නායක ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම උප නායක දිනේෂ් චන්දිමාල් ද එක්වන බව ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි.

ආබාධිත තත්ත්වයක් හේතුවෙන් පසුගිය සිම්බාබ්වේ සංචාරයට ඇන්ජලෝ මැතිව්ස් සහ චන්දිමාල් සහභාගී නොවුණි.

එසේම මෙවර සංචාරය සඳහා නවක ක්‍රීඩකයෙකු වන විකුම් සංජය කණ්ඩායමට ඇතුළත් කිරීමට බොහෝදුරට ඉඩ ඇති බව ද සඳහන්ය.

මේ අතර දෙසැම්බර් 18 වැනිදා සිට පෙබරවාරී 10 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තරග කාල සටහන අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

ඒ අනුව ටෙස්ට් තරග 03 ක් විස්සයි විස්ස තරග 02 හා එක්දින තරග 05 ක් සංචාරයට ඇතුළත්ව ඇත.

එම තරඟ කාලසටහන පහතින්.

 
Rate this item
(2 votes)
Last modified on Thursday, 08 December 2016 09:28